Gossips

හුණුපිටිය – නාහේනේ ත්‍රිරෝද රථයක් තුළ ඝාතනය කළ පුද්ගල මළ සිරුරක්

හුණුපිටිය – නාහේන – ගැමුණු මාවතේදී ත්‍රිරෝද රථයක් තුළ පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අද අලූයම 3 ට පමණ මෙලෙස ඝාතනය කර ඇත්තේ අවුරුදු 40ක් වයසැති ත්‍රිරෝද රථ රියදුරෙකු බවයි.
නාහේන – මැතිව් නිවාස සංකීර්ණයේ පදිංචි මෙම පුද්ගලයාගේ නිවසට අද අලූයම පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මොහුට පළමුව තියුණු ආයුධයකින් පහරදී බිරිඳට තර්ජනය කර තිබෙනවා.
පසුව මියගිය පුද්ගලයා ඔහුගේම ත්‍රිරෝද රථයට නංවාගෙන නාහේන ප්‍රදේශයට රැගෙන විත් යළිත් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.