Gossips

හුංගම දී නීතිවිරෝධී ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

හුංගම – තොටවාය ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී සැකකරු සන්තකයේ තිබී බෝර12 වර්ගයේ පතොරොමක් සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.