ගාල්ල කිතුලම්පිටිය ප්‍රදේශයේ ළමා නිවාසයක රැඳවුම්භාරයේ සිටි දැරියක් හදිසියේම අතුරුදහන් වී ඇති බව වාර්තාවනවා.
මේසේ අතුරුදන් වී ඇත්තේ හුංගම දකුණ බටඅත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 13 ක දැරියක්.
ඇය 2016 වසරේ දි සිය පියාගෙන් ලිංගික අතවරයක් සිදු වූයේ යැයි කියමින් අධිකරණ නියෝග මත, ගාල්ල කිතුලම්පිටිය ළමා නිවාසයේ රැඳවුම් භාරයට පත්කර තිබුණා.
පසුගිය 26 වැනිදා කිතුලම්පිටිය ළමා නිවාසයේ සිටි මෙම දැරිය පාසල් ගොස් නැවත ළමා නිවාසයට නොපැමිණිම හේතුවෙන් ළමා නිවාසයේ භාරකරුවන් විසින් ගාල්ල පොලිසියට පැමිණිලි කර තිබුණා.
මේ සම්බන්ධයෙන් හුංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
අතුරුදන්වී ඇති දැරියගේ මව සිද්ධිය සම්බන්ධයෙන් දැක්වූ අදහස් සහිත වීඩියෝව පහතින්.
