Gossips

හුංගම තරුණයෙකු මිතුරා ඝාතනය කර දිවි නසා ගනී

හුංගම – අදුපැලෑන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී සිය මිතුරෙකු ඝාතනය කළ තරුණයෙකු බස් රථයකට පැන සියදිවි හානි කර ගෙන තිබෙනවා.
දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.
අදුපැලෑන ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි තරුණයෙක් එහිදී මියගොස් තිබුණා.
පසුව ඝාතනය සිදුකළ ඔහුගේ මිතුරා යතුරුපැදියක නැගී පලා ගොස් ඇති අතර ඉන් පසු ඔහු තංගල්ල – මාරකොල්ලිය ප්‍රදේශයේදී මාතර සිට මොනරාගල බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකට පැන සියදිවි හානිකරගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.
තංගල්ල – රන්න ප්‍රදේශයේ පදිංචි ඔහු 23 හැවිරිදි පුද්ගලයෙක්.