Gossips

හුංගම – කච්චිගල්ආරේ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ (ඡායාරූප)

හුංගම – කච්චිගල්ආරේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල – අඹදණ්ඩගම – අම්පිටිය – පතන ප්‍රදේශයේ 55 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
මොහු ඊයේ පස්වරුවේ ගවයන්ට තණ කැවීම සඳහා කච්චිගල් ආරට ගොස් ඇති අතර, රාත්‍රිය වනතෙක් නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබඳව සැක සිතී ගවයින්ගේ හිමිකරු ඒ පිළිබඳව සොයා බලා ඇති බව සඳහන්.
අනතුරුව ඔහුගේ ඇඳුම් කච්චිගල් ආරේ ඉවුරක තිබියදී සොයාගනු ලැබුවා.
පසුව නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කච්චිගල් ආරේ පහළ ප්‍රදේශයක තිබී ඔහුගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

ඡායාරූප – හම්බන්තොට සනත් ගමගේ