Gossips

හුංගම අනතුරකින් එක්දරු පියෙකු මරුට

හුංගම, රන්න ප්‍රදේශයේදී මෝටර් රථයක් පුද්ගලික බස්රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (16) රාත්‍රී සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ රන්න ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි එක්දරු පියෙක්.
හුංගම පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර,තිස්ස, කතරගම ප්‍රධාන මාර්ගයේ වැලිගත්ත ප්‍රදේශයේදී පාර මාරුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අද (17) උදෑසන සිදුවූ මේ අනතුරින් පාර හරහා ගමන් කළ පුද්ගලයා බරපතල තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මේ අතර, හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ගිරිතලේ ප්‍රදේශයේදී සංචාරකයි ප්‍රවාහනය කරමින් තිබු වෑන් රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (16) සිදුවූ මේ අනතුරින් තුවාල ලැබූ තිදෙනෙකු හබරණ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.