මාතර – කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම – කහමෝදර ප්‍රදේශයේදී සිදුවු යතුරුපැදි අනතුරකින් පියෙකු සහ පුතෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ රන්න – වාඩියගොඩ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පියෙකු සහ අවුරුදු 06 ක් පමණ වයසැති කුඩා දරුවෙක්.
අනතුර සිදුවන අවස්ථාවේදී තවත් දරුවෙකු යතුරුපැදියේ පිටුපස ගමන් කර ඇති අතර, ඔහු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
ඔවුන් ගමන්ගත් යතුරුපැදිය මාර්ගය අසල විදුලි කණුවක ගැටීමෙන් ඊයේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර, ඇඹිලිපිටිය – බෝගල්ආර – කච්චිගල වැවේ ගිලී 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් මියගොස් තිබෙනවා.
මියගිය පාසල් ශිෂ්‍යාව ඇයගේ සහෝදරිය සහ සහෝදරියගේ ස්වාමි පුරුෂයා සමඟ දියනෑමට ගොස් ඇත්තේ ඊයේ පස්වරුවේයී.
දැරිය සමඟ දියනෑමට ගිය ඇයගේ සොහොයුරියද දියේ ගිලී ඇති අතර, ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව ඇය බේරාගෙන ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
මෙලෙස මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය – පදලංගල – ජයන්ති මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්.