Gossips

හිස් සිඳනු ලැබූ ඌරන්ගේ මොළයට පණ දෙයි

හිස සිඳින ලද ඌරන්ගේ මොළය වෙත රුධිර සංසරණය යළි ලබාදී පැය කිහිපයක් ජීවත් කරවීමට යේල් සරසවියේ වෛද්‍ය විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් මේ වන විට සංවාදයක් ඇති වී තිබෙන අතර, එය ආචාර ධර්ම පිළිබඳ ගැටළුවකට මුල් විය හැකි බවයි ඇතැමුන් පෙන්වා දෙන්නේ.
නව සොයා ගැනීම මිනිස් මොළය සඳහා දිගු කිරීම තුළින් ස්නායු ආබාධ වලට ප්‍රතිකාර කිරීමේ නව ක්‍රම සොයා ගත හැකි බව විද්‍යාඥයන් ප්‍රකාශ කළා.
එහෙත් මිනිස් මොළය එලෙස රැක ගත හොත් වෙනත් ශරීරයක් තුළින් ජීවිත කාලය දිගු කිරීමට ඇතැමුන් ඉදිරියේදී පෙළඹෙනු ඇති බවට ද තර්කයක් ඉදිරිපත් වී තිබෙනවා.