Gossips

හිසරදයක්ව සිටි දැවැන්තයා කොටුකළ මෙහෙයුම (ඡායාරූප)

මහජනතාවට සහ දේපල වලට හානි කරමින් අම්පාර, කරංගාව ප්‍රදේශයේ සැරිසැරූ වන අලියෙක් අද (06) අලුයම නිර්වින්දනය කර අල්ලා ගැනීමට වනජීවී නිළධාරින් සමත්ව තිබෙනවා.
දින කිහිපයක සිට සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි මෙම සත්වයා අල්ලා ගැනීමට හැකිවී ඇත්තේ.
මෙම මෙහෙයුම සඳහා පශු වෛද්‍යයවරු දෙදෙනෙකු ඇතුලු වනජීවී නිලධාරීන් 21 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම වන අලියා හොරොව්පතාව අලි රැදවුම් මධ්‍යස්ථානය වෙත ගෙන යාමට කටයුතු කරන බව අම්පාර වනජීවී පශු වෛද්‍යය නිහාල් පුෂ්පකුමාර පවසා සිටියා.

ඡායාරූප – අම්පාර, වසන්ත චන්ද්‍රපාල