Gossips

හිසරදයක්ව තිබූ මෝගන්ගේ ඉනිම අවසන් කළ මාලිංගට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට අවස්ථාව ගිලිහි ගිය හැටි

සංචාරක එංගලන්ත පිළ සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13) උදෑසන ආරම්භ වුණා.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස එංගලන්තයට ආරාධනා කළා.
එංගලන්ත පිළේ මුල් පෙළ පිතිකරු ජෝ රූට් අර්ධ ශතකයක් රැස් කර ගැනීමට සමත් වූ අතර, ඔහු සමඟ නායක ඉයොන් මෝගන් නොදැවුණු තුන් වන කඩුල්ල සඳහා ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට සමත් වුණා.
ශ්‍රී ලංකා පන්දු යවන්නට හිසරදයක්ව තිබූ එංගලන්ත නායක ඉයොන් මෝගන්ගේ ඉනිම අවසන් කරන්නට ලසිත් මාලිංග සමත් වුණා.
මාලිංගගේ පන්දුවකට මාලිංග අතටම උඩ පන්දුවක් ලබාදී මෝගන් දැවී යනවිට ඔහු රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 92ක්.
මෝගන්ගේ දැවී යැමෙන් පසු පිටියට පිවිසි මොයින් අලී තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම මාලිංගගේ සුපිරි යෝකර් පන්දුවඉදිරියේ දැවී ගියේ මාලිංගට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙමින්.
කෙසේ වෙතත් මොයින් අලීගේ දැවී යැමෙන් පසු පිටියට පිවිසි ක්‍රිස් වෝක්ස්ට මාලිංග යොමුකළ පන්දුව නිපදුවක් ලෙස විනිසුරුවරයා සටහන් කරනවා.
ඒ අනුව ලසිත් මාලිංගට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට තිබූ අවසථාව අවාසනාවන්ත ලෙස ගිලිහී යනවා.
අදාල සිදුවීම් පෙළ පහතින්
rnrnrnrnrnrn