Gossips

හිරු GOLDEN FILM AWARDS 2018 සඳහා “කෙටි චිත්‍රපට“ භාර ගැනීම ඇරඹේ

අනාගත සිනමා වංශයේ පූර්වාදර්ශී සිනමා සම්මානනීය මුද්‍රාව හිරු GOLDEN FILM AWARDS 2018 සම්මාන උළෙලේ නිර්මාණශීලි කෙටි චිත්‍රපට අංශය සඳහා චිත්‍රපට භාර ගැනීම දැන් ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව 2016 සහ 2017 යන වසරවල ඔබ විසින් නිර්මාණය කළ කෙටි චිත්‍රපට මේ සඳහා ඉදිරිපත් කළ හැකියි.
ඒ සඳහා ඔබගේ කෙටි චිත්‍රපටයේ DVD පිටපතක් අගෝස්තු 31 වනදාට පෙර හිරු TV, ප්‍රධාන කාර්යාලය, 37 වන මහල, නැගෙණහිර කුළුන, ලෝක වෙළද මධ්‍යස්ථානය, කොළඹ – 01 යන ලිපියනට ගෙනැවිත් භාර දිය යුතු වනවා.
මේ පිළිබඳ වැඩි විස්තර සදහා 0766125910 (සඳරුවන්) ඇමතිය හැකියි.
මේ සඳහා අයදුම් කිරීමට පහත වෙබ් අඩවියට පිවිසෙන්න.
GOLDEN FILM AWARDS 2018