Gossips

හිරු CIA අනාවරණ කල කිරි ගව ව්‍යාපෘතියේ මූල්‍ය වංචාව ගැන ජනාධිපති කොමිෂන් සභාවෙන් පරීක්ෂණයක්

හිරු සී.අයි.ඒ. තුළින් අනාවරණ කල කිරි ගවයින් ආනයන ව්‍යාපෘතිය තුළින් සිදුව ඇති දැවැන්ත මූල්‍ය වංචාව පිළිබදව රජයේ ආයතනවල සිදුව ඇති දූෂණ වංචා පිළිබදව සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මෙම කොමිෂන් සභාව සිය පළමු පරීක්ෂණය ලෙස ආරම්භ කර ඇත්තේ කිරි ගවයින් ආනයන ව්‍යාපෘති වංචාව පිළිබද වීම විශේෂත්වයක්.
2015 ජනවාරි 15 වන දින සිට 2018 දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළ රජයේ ආයතන තුළ සිදුවී ඇතැයි සැළකෙන දූෂණ හා වංචා පිළිබදව සොයාබැලීමේ ජනාධිපති කොමිෂන් සභාව මෙම පරීක්ෂණය අද දින සිට අඛණව විමර්ශනය කිරීම ආරම්භ කර තිබෙනවා.
අගතියට පත් පාර්ශව අද එම පරීක්ෂණ සදහා සාක්ෂි ලබාදීමට කොමිෂන් සභාව වෙත කැදවා තිබුණා.