Gossips

හිරු සිරිපා කරුණාව හෙටයි

සිරිලක මහා වන්දනා චාරිකාව, හිරු සිරිපා කරුණාව 2019 හෙට ඇරඹෙනවා.
හිරු එෆ්.එම්. සංවිධාන කරන මේ බැතිබර වන්දනා චාරිකාවට එක්වන්නේ රට පුරා විසිරුණු හිරු ශ්‍රාවකයන්.
හෙට උදෑසන කොළඹ, අම්පාර, මොණරාගල, පදවිය, මීරිගම සහ දෙබරවැව, ප්‍රදේශවලින් පිටත් වන වන්දනා බස් රථ නල්ලතන්නියට ළඟාවීමෙන් පසු සියලූ වන්දනා නඩ එක්ව සිරිපා කරුණා කිරීමට නියමිතයි.
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ තවත් පින්බර සංකල්පයක් පරිදි වාර්ෂිකව දියත් කෙරෙන මෙම මහා වන්දනා චාරිකාවේදී දිවයින පුරා විසිරුණු බැතිමතුන්ට හිරුගේ සියලූ පුද සත්කාර මැද ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට වරම් හිමි වනවා.
හිරු සිරිපා කරුණාව පෙරටු කර ගනිමින් උත්තරීතර පූජා කරඬු වහන්සේ 06 නමක්ද සිරිපා පුදබිම වෙත වැඩම කරවීමට හිරු මෙවරත් කටයුතු සූදානම් කළේ මග දෙපස රැස්ව, මෙම පින්බර චාරිකාවට දායක වන බැතිමතුන්ට ආශිර්වාද කිරීමේ අරමුණින්.
එම පූජා කරඬු වහන්සේ වන්දනා කර පිරිකර පඬුරු හැකි පමණින් පූජා කරන්නටත් රට පුරා විසිරුණු බැතිමතුන්ට අවස්ථාව හිමිවිම විශේෂත්වයක්.
එම නිසාවෙන්ම ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි පූජා කරඬු වහන්සේ වැඩම කරවීමට අප සුදානම්.