Gossips

හිරු සිරිපා කරුණාව නල්ලතන්නියට

‘සිරිලක මහා වන්දනා ගමන – හිරු සිරිපා කරුණාව 2019’ මේ වනවිට නල්ලතන්නියට ළඟා වී තිබෙනවා.
තවත් සුළු මොහොතකින් දිවයිනේ නන්දෙසින් පැමිණි වන්දනා නඩ එකට එක්ව සිරිපා කරුණා කිරීමටයි සූදානමින් සිටින්නේ.
හිරු එෆ්.එම්. සංවිධාන කරන මේ බැතිබර වන්දනා චාරිකාවට එක්ව සිටින්නේ රට පුරා විසිරුණු හිරු ශ්‍රාවකයන්.
අද උදෑසන කොළඹ, අම්පාර, මොණරාගල, පදවිය, මීරිගම සහ දෙබරවැව, ප්‍රදේශවලින් පිටත් වූ වන්දනා බස් රථ පස්වරුවේ නල්ලතන්නියට ළගා වුණේ හැටන් නගරයේදී එකට එක්වීමෙන් අනතුරුවයි.
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ තවත් පින්බර සංකල්පයක් පරිදි වාර්ෂිකව දියත් කෙරෙන මෙම මහා වන්දනා චාරිකාවේදී දිවයින පුරා විසිරුණු බැතිමතුන්ට හිරුගේ සියළු පුද සත්කාර මැද ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට වරම් හිමිවීම විශේෂත්වයක්.
මෙවරත් හිරු සිරිපා කරුණාව පෙරටු කර ගනිමින් උත්තරීතර පූජා කරඬු වහන්සේ 06 නමක්ද සිරිපා පුදබිම වෙත වැඩම කරවීමට හිරු මෙවරත් කටයුතු සූදානම් කළේ මග දෙපස රැස්ව, මෙම පින්බර චාරිකාවට දායක වන බැතිමතුන්ට ආශිර්වාද කිරීමේ අරමුණින්.
එම පිං කටයුත්ත සදහා මග දෙපස රැස්වුණු බැතිමතුන්ගේ නොමද ආශිර්වාදය හිමිවුණා.