Gossips

හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනාව අද නාලන්දාවට

හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා චාරිකාවේ 9 වන දිනය වන අදයි.
ඊට එක්ව සිටින සැදැහැවතුන් අදත් බුද්ධගයාවේ ගත කරන අතර, ආසන්න නාලන්දාවේ පිහිටි සිද්ධස්ථාන වැද පුදා ගැනීමට නියමිතයි.
සෑම සතියේ දිනකම හිරු එෆ්.එම්. ඔස්සේ ප්‍රචාරය වන සිද්ධාර්ථ ගෞතම රේඩියෝ් නාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ලබාදුන් තවත් වාසනාවන්ත පිරිසක් මෙම දඹදිව වන්දනා චාරිකාව සඳහා එක්ව සිටිනවා.
බුදුන් උපන් එම පින්බිමට පා තබා සිද්ධස්ථාන රැසක් වැඳ පුදාගන්නා මීළඟ වාසනාවන්ත නඩයට හිරු සිද්ධාර්ථ ගෞතම රේඩියෝ නාට්‍ය ශ්‍රවණය කර, ඔබටත් එක්විය හැකියි.