Gossips

හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනාවේ දෙවන දිනය අදයි

හිරු එෆ්.එම්. සමඟ බැඳුණු සුවහසක් ශ්‍රාවකයන් වෙනුවෙන් පිං සිත් පෙරදැරිව සංවිධාන කෙරෙන හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනාවේ තවත් අදියරක් ඊයේ ආරම්භ වුණා. අප්‍රේල් 11 වන දා දක්වා දින 12ක කාලයක් මෙම පින්බර වන්දනා චාරිකාව ක්‍රියාත්මකයි.
සෑම සතියේ දිනකම හිරු එෆ්.එම්. ඔස්සේ ප්‍රචාරය වන සිද්ධාර්ථ ගෞතම රේඩියෝ් නාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ලබාදුන් තවත් වාසනාවන්ත පිරිසකුයි මෙම දඹදිව වන්දනා චාරිකාව සඳහා එක්වන්නේ.
ඒ අනුව ඊයේ පෙරවරු 8.30 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් පිටත්ව ගිය ඔවුන් මේ වනවිට නවදිල්ලි නුවරට ළගා වී තිබෙනවා.
සියලූ පහසුකම් සහිතව සංවිධාන වන හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනාවේදී සම්බුදු පහස ලත් වෙහෙර විහාර රැසක් වන්දනාමාන කිරීමට ඊට එක්වන බැතිමතුන්ට අවස්ථාව සැළසීම විශේෂත්වයක්.
ඒ අනුව බුද්ධගයාව, ශ්‍රී මහා බෝධිය, රජගහනුවර, විශාලා මහනුවර, කුසිනාරාව, ලූම්බිණිය, සැවැත්නුවර ඇතුලූ සිද්ධස්ථාන රැසක් වන්දනාමාන කිරිමට ඔවුන්ට හැකියාව ලැබෙනවා.
ඒ, විශේෂ පිංකම් සහ ශීල සමාදාන වැඩසටහන්, ඇතුළු ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් රැසකට දායක වන අතරතුරයි.
බුදුන් උපන් එම පින්බිමට පා තබා සිද්ධස්ථාන රැසක් වැඳ පුදාගන්නා මීළඟ වාසනාවන්ත නඩයට හිරු සිද්ධාර්ථ ගෞතම රේඩියෝ නාට්‍ය ශ්‍රවණය කර, ඔබටත් එක්විය හැකියි.