Gossips

හිරු ශාසනාවතරණ මහා පිංකමෙන් තවත් කුල දරුවන් 15ක් සසුන් ගත කෙරේ

සම්බුදු දහමේ උරුමය රැගෙන අනුබුදු මිහිදු හිමියන් ලක්දිවට වැඩම කළ උතුම් පොසොන් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් කුල දරුවන් සම්බුද්ධ ශාසනයට පුජා කිරිමේ හිරු ශාසනාවතරණය මහා පිංකම මෙවරත් සිදු කෙරුණා.
ඒ කතරගම කිරිවෙහෙර පුදබිමේදී.
එහිදී කුල දරුවන් 15 දෙනෙකු අද (27) සසුන්ගත වූ අතර ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මතයි ශාසනයේ චිරස්තිථිය උදෙසා කුල දරුවන් පැවදි කරවීමේ මෙම පිං කටයුත්ත සිදුවන්නේ.
සම්බුදු සසුනේ චිරපැවැත්ම උදෙසා සිල්වත් භික්ෂු පරපුරක් බිහි කිරිම හිරු ශාසනාවතරණයේ අරමුණයි.
වසර කිහිපයක් පුරා සාමණේරයන් වහන්සේලා 70 කට අධික නමක් සම්බුදු සසුන වෙනුවෙන් මෙම පිංකම තුළින් දායාද කර තිබෙනවා.
සසුනට පූජා කළ සියලු සාමණේරයන් වහන්සේලාගේ අවශ්‍යතා සොයා බලා පිරිවෙන් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා අවශ්‍ය පහසුකම් සැපයිමද මෙම වැඩසටහනේ විශේෂත්වයක්.