Gossips

හිරු රැකගත් සකුරා පාලම

මාතලේ – විල්ගමුව සකුරා පාලම අවට සිදුව ඇති පරිසර විනාශය සම්බන්ධ වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරි දින දෙක තුළ ලබාදෙන බව භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ සභාපති අසේල ඉද්දවල මහතා පවසනවා.
වැලි කැනීම් හරහා සකුරා පාලම අවදානමට ලක්ව ඇති බව හිරු සී. අයි. ඒ හරහා හෙළිදරව් කිරීමත් සමග ජනාධිපතිවරයා මේ පිළිබඳ වාර්තාව ලබාදෙන ලෙස නියෝග කර තිබුණා.
ඉවක් බවක් නොමැතිව වැලි කැනීම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් මාතලේල විල්ගමුවල සකුරා පාලම අවදානමට ලක්ව ඇති බව හිරු සී.අයි.ඒ හරහා හෙළිකිරීමත් සමඟ පසුගිය 14 වැනිදා රාජ්‍ය නිලධාරීන් පිරිසක් අදාළ ප්‍රදේශය නිරීක්ෂණය කළා.
සකුරාපාලම අවට ගංඉවුර ආසන්නයේ ඇති මහා පරිමාන වැලි නිධිය ඉවත් කිරීම සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයේ සාමාන්‍යාධිකාරිවරයා විල්ගමුව කාර්යාලයේ ස්ථානභාර නිලධාරිවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.