Gossips

හිරු මෙගා බ්ලාස්ට් ප්‍රසංගයට සියල්ල සූදානම්

ශ්‍රී ලාංකේය ගුවන් විදුලි මාධ්‍ය කලාවේ අති දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම වන ‘‘හිරු මෙගාබ්ලාස්ට්’’ අද රාත්‍රියේ අතුරුගිරිය – ලංවා වානේ සංස්ථා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
‘‘ෆ්ලෑෂ් බැක්’’ සංගීත රිද්මයෙන් හැඩවන ‘‘හිරු මෙගාබ්ලාස්ට්’’ ප්‍රසංගය නර්තනයෙන් හැඩ කරන්නේ නිරෝෂා තලගල ප්‍රමුඛ යූ ඩාන්සර් නර්තන කණ්ඩායමයි.
ජනප්‍රිය ගී තරු රැසක් එක්වන මෙගා බ්ලාස්ට් ප්‍රසංගය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වීම විශේෂත්වයක්.