Gossips

‘‘හිරු මෙගාබ්ලාස්ට්’’ ප්‍රසංගයට සියල්ල සූදානම්

ශ්‍රී ලාංකේය ගුවන්විදුලි මාධ්‍ය කලාවේ අති දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම වන ‘‘හිරු මෙගාබ්ලාස්ට්’’ ප්‍රසංගය අද රාත්‍රියේ ගාල්ල – නෙළුව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
අද මෙගා බ්ලාස්ට් ප්‍රසංගයේදී නවමු අත්දැකීම් රැසක් ඔබ වෙත තිලිණ කිරීමට මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර අවසන්.
විශ්මිත ආලෝක රටාවන්ගෙන් අලංකාර වන අති දැවැන්ත වේදිකාවේ සිට මෙවර මෙගා බ්ලාස්ට් ප්‍රසංගය සංගීතයෙන් හැඩ කරන්නේ ‘‘ෆ්ලෑෂ් බැක්’’ සංගීත කණ්ඩායමයි.
නිට්ටඹුව – ඔමායා නර්තන කණ්ඩායම මෙවර හිරු මෙගා බ්ලාස්ට් නර්තනයෙන් හැඩ කරනවා.
ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් මෙගා බ්ලාස්ට් ප්‍රසංගයේදී ගීතවත් කිරීමටද හිරු සූදානම්.
මෙගා බ්ලාස්ට් ප්‍රසංගය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වීම විශේෂත්වයක්.