Gossips

හිරු මෙගාබ්ලාස්ට් අද කුලියාපිටියේදී

අභිමානවත් විසිවන සංවත්සරය සමරන හිරුගේ, ශ්‍රී ලාංකේය ගුවන්විදුලි මාධ්‍ය කලාවේ අති දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම වන ‘‘හිරු මෙගාබ්ලාස්ට්’’ සාංවත්සරික ප්‍රසංගය අද රාත්‍රියේ කුලියාපිටිය කාර්මික විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
20 වන සංවත්සරය සමරන හිරු අද මෙගා බ්ලාස්ට් ප්‍රසංගයේදී නවමු අත්දැකීම් රැසක් ඔබ වෙත තිලිණ කිරීමට සියලූ කටයුතු සූදානම් කර අවසන්. විශ්මිත ආලෝක රටාවන්ගෙන් අලංකාර වන අති දැවැන්ත වේදිකාවේ සිට මෙවර මෙගා බ්ලාස්ට් ප්‍රසංගය සංගීතයෙන් හැඩ කරන්නේ ‘‘ෆ්ලෑෂ් බැක්’’ සංගීත කණ්ඩායමයි.
නිරෝෂා තලගල ප්‍රමුඛ යූ ඩාන්සර් සහ නිට්ටඹුව – ඔමායා යන නර්තන කණ්ඩායම් මෙවර හිරු මෙගා බ්ලාස්ට් නර්තනයෙන් හැඩ කරනවා. විසිවන සංවත්සරය වෙනුවෙන් ජනප්‍රිය ගායක ගායිකාවන් 20 දෙනෙකු මෙගා බ්ලාස්ට් ප්‍රසංගයේදී ගීතවත් කිරීමටද හිරු සූදානම්. මෙගා බ්ලාස්ට් ප්‍රසංගය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වීම විශේෂත්වයක්.