Gossips

හිරු පුවතට ඉක්මන් ප්‍රතිචාර

හිරු ප්‍රවෘත්ති අනාවරණය කළ අනුරාධපුර ප්‍රදේශයේ පාසැල් ශිෂ්‍යාවක් පාසැලේ චිත්‍ර ගුරුවරයාගේ තාඩන පීඩන වලට ලක්වීමේ සිදුවීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ආමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ, ඇයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අද කැදවීමක් ලැබීමෙන් අනතුරුවයි.
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ලීනි ෂෙහාරාට මුහුණ දීමට සිදුව ඇති ගැටලුව පිළිබඳව ඊයේ හිරු ප්‍රවෘත්ති ඔස්සේ තොරතුරු අනාවරණය කළා.
චිත්‍ර විෂයට දැඩි ඇල්මක් සහ සහජ දක්ෂතාවක් හිමි ඇයට තම පාසැලේ චිත්‍ර විෂයභාර ගුරුවරයාගෙන් තාඩන පීඩන එල්ල වීම නිසා සිදුව තිබුණේ චිත්‍ර විෂය ඇත්හැර දැමීමටයි.
ඇගේ ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර බලධාරීන් දැනුවත් කර තිබුනද ඇයට සාධාරණයක් ඉටු වී නැහැ.
කෙසේවෙතත් ඇයගේ ගැටලුව පිළිබඳව හිරු ප්‍රවෘත්ති ඔස්සේ විකාශය වීමෙන් අනතුරුව අද ඇයට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් කැඳවීමක් ලැබී තිබෙනවා.
ඒ අනුව අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණි ඇය අමාත්‍යවරයා මුණගැසී ඇගේ ගැටලුව ඉදිරිපත් කළා.