Gossips

හිරු නම් සල්ලි තමයි අනුකරණය කරලා ලංකාවේම ආදරය දිනාගත්ත පුංචි පැංචියන්ට හිරුගෙන් ලැබුණු තෑග්ග

පසුගියදා සමාජ මාධ්‍ය කළඹමින් හිරු නම් සල්ලි තමයි හිරු ප්‍රේක්ෂකයන් වෙත මුදලින් තෑගි බෙදන වැඩසටහන අනුකරණය කරමින් රටේම ආදරය දිනා ගත්ත පුංචි පැංචියන් දෙදෙනෙක් අද හිරු ප්‍රධාන කාර්යාලය වෙත පැමිණියා.
ඒ මැදවච්චිය කඩවත් රබෑව ප්‍රදේශයේ පදිංචිව සිටින දනීෂා සහ නිරෝධා යන පුංචි දියණියන් දෙදෙනායි.
මොවුන් දෙදෙනාගේ දක්ෂ හැකියාව ගැන සමාජ මාධ්‍යයේ දැඩි ලෙස කතාකරන්නට වුණා.
නිරෝධා මැදවචිචිය ජාතික පාසලේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර පුංචි දනීෂා මැදවච්චිය ප්‍රාථමික විදුහලේ 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.
සුරංගිකා ශියානි සහ ප්‍රියන්ත කුමාර ප්‍රේමරත්න මොවුන් දෙදෙනාගේ දෙමව්පියන් දෙදෙනායි.
මේ අපේ ආදරය දිනාගත් ඔබ පුදන සමයයි…ඔබ අපේ වත්කමයි යන්න කදිම උදාහරණයක් දුන් මේ පුංචි පැංචියන් වෙත ලැප්ටොප් පරිඝනක දෙකක් , වටිනා මුදල් ත්‍යාග සහ වටිනා තෑගි පාර්සල් දෙකක්ද ඔවුන් වෙත් ලබාදීමට හිරු පිරිවර කටයුතු කර තිබුණා.
එම දැරියන් දෙදෙනා හිරු FM මැදිරියට සහ හිරු TV වින්දනීය උදෑසන වැඩසටහනට සහභාගී වූ අවස්ථාව පහතින් බලන්න.