Gossips

හිරු ධර්ම ප්‍රදීපය හතමුණ ගංගාරාම විහාරස්ථානයේදී

අදට (01) යෙදෙන මැදින් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් දිනය පුරා සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත සමීප කරවීමට හිරු එෆ්.එම්. කටයුතු යොදා තිබෙනවා.
ඒ, සම්බුදු චරිතාපදානය මෙන්ම දහම් කරුණු රැසක් පිළිබඳව ශ්‍රාවක ඔබව දැනුම්වත් කරමින්.
ඒ අනුව හිරු ධර්මප්‍රදීපය අද දිනය පුරා පැවැත්වෙන්නේ හිඟුරක්ගොඩ – හතමුණ – ගංඟාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගෙනයි.
උදෑසන 6 ට අටසිල් සමාදන් කරමින් මෙම පිං කටයුත්ත ආරම්භ වූ අතර, පෙරවරු 7 සිට පුරා පැයක් දහම් සිතුවිලි සමඟ බැදුණු බොදු ගීත ප්‍රචාරය කිරීම සිදු කෙරුණා.
පූජ්‍ය තෝරකොළයායේ සමිත හිමියන් විසින් මෙහෙය වූ විශේෂ ධර්ම දේශනයක් අද උදෑසන 8 සිට 9 දක්වා සජීවිව විකාශය කෙරුණු අතර, පෙරවරු 9 සිට 10 දක්වා හිරු මැදිරියේ සිට මෙහෙයවූ විශේෂ ධර්ම සාකච්ඡාවක් ශ්‍රවණය කිරීමට අවස්ථාව සළසා දෙනු ලැබුවා.
ඉන්පසු පෙරවරු 10 සිට යළිත් පැයක් පුරා බොදු ගී ශ්‍රවණය කිරීමට ඉඩකඩ සැළසූ අතර, පෙරවරු 11 ට පමණ ආමිෂ සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් දහවල් සම්බුද්ධ පූජාව සිදු කෙරුණා.