Gossips

හිරු ධර්ම ප්‍රදීපය මහියංගන සෑ රදුන් අභියසදී

හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන යටතේ අදට යෙදෙන ඇසල පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත සමීප කිරීමට හිරු එෆ්.එම්. සූදානම්.
ඒ, සම්බුදු චරිතාපදානය මෙන්ම දහම් කරුණු රැසක් පිළිබදව ශ්‍රාවක ඔබ දැනුම්වත් කරමින්.
ඒ අනුව ‘‘හිරු ධර්ම ප්‍රදීපය’’ අද දිනය පුරා පැවැත්වෙන්නේ ඵෙතිහාසික මහියංගන සෑ රදුන් කේන්ද්‍ර කොටගෙනයි.
උදෑසන 05.30 ට අටසිල් සමාදන් කරමින් මේ පිං කටයුත්ත ආරම්භ වූ අතර, උදෑසන 07.30 ට සජීවි විශේෂ ධර්ම දේශනයක් පැවැත්වෙනවා.
එය මෙහෙය වන්නේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය පොලොන්නරුවේ වාචීෂ්වර හිමියන් විසින්.
පෙරවරු 08.30 සිට 09.30 දක්වා හිරු මැදිරියේ සිට මෙහෙයවන විශේෂ ධර්ම සාකච්ඡාවට ද ඔබට සවන් දිය හැකියි.
අනතුරුව පෙරවරු 09.30 සිට 10.30 දක්වා ඌව බින්තැන්න දෙපලාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නාපටවන ධම්මානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ ධර්ම දේශනයක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම, කර්මය පිළිබඳව ධර්ම සාකච්ඡාවක්ද පෙරවරු 10.30 සිට දහවල් 12.00 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිතයි.