බක්පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන අගුණකොලපැලැස්ස – අලූත්වැව පුරාණ රජමහා විහාරය කේන්ද්‍ර කරගෙන අද (31) ක්‍රියාත්මක වුණා. 
ඒ අනුව, දවස පුරා සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත සමීප කෙරුණේ සම්බුදු චරිතාපදානය මෙන්ම දහම් කරුණු රැසක් පිලිබද දැනුවත් කරමින්. 
උවැසි – උවැසියන් අෂ්ඨාංගශීලයේ සමාදන් කරමින් අද උදෑසන හිරු ධර්ම ප්‍රදීපය ආරම්භ වූ අතර, දහම් සිතුවිලි සමඟ බැදුණු බොදු ගීත ප්‍රචාරය කිරීම ද ඊට සමගාමීව සිදු කෙරුණා. 
එසේම, විශේෂ ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා ශ්‍රවණය කිරීමට අප ශ්‍රාවකයන්ට අවස්ථාව සලසා දුන්නේ දහවල් සම්බුද්ධ පූජාවේ වැඩ කටයුතු ද සමීප කරමින්. 
එසේම, පොහෝ දිනය වෙනුවෙන්ම සැකසුණු ගුවන් විදුලි නාට්‍යය පස්වරුවේ විකාශය වූ අතර, ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව විශේෂ කාව්‍යමය ධර්ම දේශනයක් ද පැවැත්වීමට නියමිතයි.



