Gossips

හිරු ධර්ම ප්‍රදීපය අද ඇඹිලිපිටිය සංඛපාල පුරාණ රජමහා විහාරස්ථානයේදී (සජීවී විකාශය සහිතයි)

හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන යටතේ අදට යෙදෙන නිකිණි පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත සමීප කිරීමට හිරු එෆ්.එම්. සූදානම්.
ඒ, සම්බුදු චරිතාපදානය මෙන්ම දහම් කරුණු රැසක් පිළිබඳව ශ්‍රාවක ඔබ දැනුම්වත් කරමින්.
ඒ අනුව ‘‘හිරු ධර්ම ප්‍රදීපය’’ අද දිනය පුරා පැවැත්වෙන්නේ ඇඹිලිපිටිය – සංඛපාල පුරාණ රජමහා විහාරය කේන්ද්‍ර කොටගෙනයි.
උදෑසන 05.30 ට අටසිල් සමාදන් කරමින් මේ පිං කටයුත්ත ආරම්භ වූ අතර, උදෑසන 07.30 ට සජීවි විශේෂ ධර්ම දේශනයක් පැවැත්වෙනවා.
එය මෙහෙය වන්නේ කථිකාචාර්ය, පූජ්‍ය පොළොන්මාරුවේ වාචිස්සර හිමියන් විසින්.
පෙරවරු 08.30 සිට 10 දක්වා විශේෂ ධර්ම සාකච්ඡාවක් ද පැවැත්වෙනවා.
අනතුරුව පෙරවරු 10යේ සිට 11 දක්වා පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින් සිදුකරන විශේෂ ධර්ම දේශනයක්ද පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම, වැඩිහිටිවිය හා සමාජය යන තේමාව පිළිබඳ තවත් ධර්ම සාකච්ඡාවක් ද පෙරවරු 11ට ආරම්භ කෙරෙනු ඇති.