Gossips

හිරු ධර්ම ප්‍රදීපය අද අත්තනගල්ල – අරහත්ත රජමහා විහාරස්ථානයේ

හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන යටතේ අදට යෙදෙන බිනර පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත සමීප කිරීමට හිරු එෆ්.එම්. සූදානම්.
ඒ, සම්බුදු චරිතාපදානය මෙන්ම දහම් කරුණු රැසක් පිළිබඳව ශ්‍රාවක ඔබ දැනුම්වත් කරමින්.
ඒ අනුව ‘‘හිරු ධර්ම ප්‍රදීපය’’ අද දිනය පුරා පැවැත්වෙන්නේ ඓතිහාසික අත්තනගල්ල – අරහත්ත රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කොටගෙනයි.
උදෑසන 05.30 ට අටසිල් සමාදන් කරමින් මේ පිං කටයුත්ත ආරම්භ වූ අතර, උදෑසන 07.30 ට සජීවි විශේෂ ධර්ම දේශනයක් පැවැත්වෙනවා.
පෙරවරු 08.30 සිට 9.30 දක්වා විශේෂ ධර්ම සාකච්ඡාවක් ද පැවැත්වෙනවා.
පෙරවරු 10.30 සිට දහවල් 12.00 දක්වා අත්තනගල්ල රජමහා විහාරයේ සිට සජීවී ධර්ම සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති.