නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය වූ අද හිරු ධර්මප්‍රදීප වැඩසටහන ඇඹිලිපිටිය සංඛපාල පුරාණ රජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට ක්‍රියාත්මකයි.
උදෑසන සිට සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක් හිරු එෆ්.එම්. ඔබ වෙත සමීප කරනු ලබන්නේ සම්බුද්ධ චරිතාපදානය මෙන්ම දහම් කරුණු රැසක් පිළිබද දැනුම්වත් කරමින්.
හිරු ධර්මප්‍රදීපය වැඩසටහන උදෑසන 5.30 ට අටසිල් සමාදන් කරමින් ආරම්භ කෙරුණා. උඩවලව ශ්‍රී ගුණරතන පිරිවෙණේ කෘත්‍යාධිකාරී, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සංඝ සභාවේ ගරු සභාපති ශ්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේ භාරකාර තැන්පත් මුළු දිවයිනටම සාමවිනිසුරු පූජ්‍ය කොකාවිල කෝසල ස්වාමීන් වහන්සේ විසින් පැමිණ සිටි සියලූදෙනා සීල සමාදානයේ පිහිටුවීම සිදුකරනු ලැබුවා.
අනතුරුව උදෑසන 7.30 ට විශේෂ ධර්ම දේශනයක්ද පැවැත්වුණේ කථිකාචාර්ය පූජ්‍ය පොළොන්මාරුවේ වාචීස්සර හිමියන්ගේ මෙහෙයවීමෙන්.
උදෑසන 8.30 සිට 10 දක්වා විශේෂ ධර්ම සාකච්ඡාවක් පැවැත්වුනු අතර, ඊට අස්ගිරි පාර්ශවයේ ඌව – බින්තැන්න දෙපළාතේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත නාපටවෙල ධම්මානන්ද හිමියන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාර්ය නිමල් විජේසිරි සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මහින්ද හේරත් එක්ව සිටියා.
සංඛපාල පුරාණ රජමහා විහරස්ථානය කේන්ද්‍රකොටගෙන පැවැත්වෙන හිරු ධර්මප්‍රදීපය වැඩසටහන යටතේ අද උදෑසන 10 ට විශේෂ ධර්මදේශනයක් පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින් පවත්වනු ලැබුවා.
එමෙන්ම වැඩිහිටි විය හා සමාජය යන තේමාව පිළිබඳ තවත් ධර්ම සාකච්ඡාවක්ද අද උදෑසන පැවැත්වුණා.