Gossips

හිරු ධර්මප්‍රදීපය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ

අදට යෙදෙන ඉල් පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන සංවිධාන වන්නේ ඓතිහාසික කේන්ද්‍ර කරගෙනයි.
ඒ අනුව සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත සමීප කිරීමට හිරු එෆ්.එම්. සූදානමින් සිටින්නේ සම්බුදු චරිතාපදානය මෙන්ම දහම් කරුණු රැසක් පිළිබදව ශ්‍රාවක ඔබ දැනුම්වත් කරමින්.
උදෑසන 05.30 ට උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් හිරු ධර්මප්‍රදීපය ආරම්භ වුණා. උදෑසන 07.30ට සජීවි විශේෂ ධර්ම දේශනයක් පැවැත්වෙන අතර, ධර්ම සාකච්ඡාවක් පැවැත්වෙන්නේ පෙරවරු 08.30 සිට 9.30 දක්වායි.
පෙරවරු 09.30 ට කාව්‍යමය ධර්ම දේශනයක් මෙන්ම තවත් ධර්ම සාකච්ඡා ඇතුලූ ආමිෂ සහ ප්‍රතිපත්ති පූජාවන් රැසක් අද හිරු ධර්මප්‍රදීපය වැඩසටහන යටතේ ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිතයි.