රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත්කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ මාතලේ – නාවුල – මරගමුව ගම්මානය කේන්ද්‍ර කරගනිමින්.
ගමේ ගැටළු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර, සජීවී වැඩසටහන්වලට සම්බන්ධවීමට ඔවුන්ට එහිදී අවස්ථාව හිමිවූ අතර, ත්‍යාග රැසක්ද ගම්වැසියන්ට ලබාදීමට හිරු එෆ්.එම්. කටයුතු කළා.
හිරු ගමින් ගමට වැඩසටහන ලබන සඳුදා පැවැත්වෙන්නේ මාතලේ – ලග්ගල – හත්තොටඅමුණ සහ මාඔය අංක දෙක ගම්මානය කේන්ද්‍ර කරගනිමින්.