Gossips

හිරු ගමින් ගමට ලබන සඳුදා කුරුවිට – මැදගමට

රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 4 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට ක්‍රියාත්මක වනවා.
හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ (23) ක්‍රියාත්මක කෙරුණේ රත්නපුර – ශ්‍රී පළාබද්දල – සිරිපාගම ප්‍රදේශයේයි.
හිරු ගමින් ගමට වැඩසටහන ලබන සඳුදා (26) පැවැත්වෙන්නේ රත්නපුර – කුරුවිට – තෙප්පනාව – මැදගම ගම්මානයේයි.
මෙම වැඩසටහනට එක්වන ජනතාවට හිරු ජංගම මැදිරිය නරඹා සජීවීව වැඩසටහන් සමඟ සම්බන්ධවීමටද අවස්ථාව සැලසීම විශේෂත්වයක්.
එසේම ත්‍යාග රැසක් ඔවුන් වෙත බෙදාදීමටයි හිරු එෆ්.එම්. කටයුතු යොදා ඇත්තේ.