රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 4 වන අදියර අද(23) පැවැත්වෙන්නේ රත්නපුර – සිරිපාගම ප්රදේශයේදීයි.
හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ (22) ක්‍රියාත්මක කෙරුණේ රත්නපුර – මීගස්තැන්න – ගලබඩ ප්‍රජාශාලාව කේන්ද්‍ර කරගනිමින්.
මෙම වැඩසටහනට එක්වන ජනතාවට හිරු ජංගම මැදිරිය නරඹා සජීවීව වැඩසටහන් සමඟ සම්බන්ධවීමටද අවස්ථාව සැලසීම විශේෂත්වයක්.
එසේම ත්‍යාග රැසක් ඔවුන් වෙත බෙදාදීමටයි හිරු එෆ්.එම්. කටයුතු යොදා ඇත්තේ.
