රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 3 වන අදියර කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට ක්‍රියාත්මක වනවා.
ඒ අනුව හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක වූයේ කුරුණෑගල – කොහිලේ ගෙදර – කුඩුම්බුව ප්‍රජා ශාලාව අසලයි.
හිරු ගමින් ගමට වැඩසටහන අද පැවැත්වෙන්නේ කුරුණෑගල – විල්ගොඩපුර ගම්මානයේයි. මෙම වැඩසටහනට එක්වන ජනතාවට හිරු ජංගම මැදිරිය නරඹා සජීවීව වැඩසටහන් සමඟ සම්බන්ධවීමටද අවස්ථාව සැලසීම විශේෂත්වයක්.
එසේම ත්‍යාග රැසක් ඔවුන් වෙත බෙදාදීමටයි හිරු එෆ්.එම්. කටයුතු යොදා ඇත්තේ.