Gossips

හිරු ගමින් ගමට අද මීගස්තැන්නට

රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 4 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට ක්‍රියාත්මක වනවා.
හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ රත්නපුර – බෙලිහුල්ඔය – මුත්තෙට්ටුගම – වලවේගෙදර ප්‍රදේශයේයි.
හිරු ගමින් ගමට වැඩසටහන අද පැවැත්වෙන්නේ රත්නපුර – මීගස්තැන්න – ගලබඩ ප්‍රජාශාලාව අසළයි. මෙම වැඩසටහනට එක්වන ජනතාවට හිරු ජංගම මැදිරිය නරඹා සජීවීව වැඩසටහන් සමඟ සම්බන්ධවීමටද අවස්ථාව සැලසීම විශේෂත්වයක්.
එසේම ත්‍යාග රැසක් ඔවුන් වෙත බෙදාදීමටයි හිරු එෆ්.එම්. කටයුතු යොදා ඇත්තේ.