Gossips

හිරු ගමින් ගමට අද බෙලිහුල්ඔයට

රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 4 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට ක්‍රියාත්මක වනවා.
හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ රත්නපුර – පැල්මඩුල්ල – හඳුරුකන්ද ගම්මානයේයි.
හිරු ගමින් ගමට වැඩසටහන අද පැවැත්වෙන්නේ රත්නපුර – බලංගොඩ – බෙලිහුල්ඔය – ලන්දුයාය ගම්මානය කේන්ද්‍ර කරගනිමින්.
මෙම වැඩසටහනට එක්වන ජනතාවට හිරු ජංගම මැදිරිය නරඹා සජීවීව වැඩසටහන් සමඟ සම්බන්ධවීමටද අවස්ථාව සැලසීම විශේෂත්වයක්.
එසේම ත්‍යාග රැසක් ඔවුන් වෙත බෙදාදීමටයි හිරු එෆ්.එම්. කටයුතු යොදා ඇත්තේ.