රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 4 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට ක්‍රියාත්මක වනවා.
හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ (14) ක්‍රියාත්මක කෙරුණේ ඇඹිලිපිටිය – පදනංගල – ඌරුපැලැත්ත – අලූත්කඩේ මංසන්ධියේයි.
හිරු ගමින් ගමට වැඩසටහන අද (15) පැවැත්වෙන්නේ ඇඹිලිපිටිය – පනාමුර – ඇත්ගාල ගම්මානය කේන්ද්‍ර කරගනිමින්.
මෙම වැඩසටහනට එක්වන ජනතාවට හිරු ජංගම මැදිරිය නරඹා සජීවීව වැඩසටහන් සමඟ සම්බන්ධවීමටද අවස්ථාව සැලසීම විශේෂත්වයක්.
එසේම ත්‍යාග රැසක් ඔවුන් වෙත බෙදාදීමටයි හිරු එෆ්.එම්. කටයුතු යොදා ඇත්තේ.