කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව – පරණ පාරේ පිහිටි ගල් බිං ගෙයෙහි පැල්මක් හටගෙන ඇති බවට පසුගිය සෙනසුරාදා හිරු ප්රවෘත්ති තුළින් සිදුකළ අනාවරණයට අනුව එම මාර්ගය වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ප්‍රදේශවාසීන් කියා සිටියේ මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් එහි සංවර්ධන කටයුතු සිදුකළ ද බිම්ගෙයෙහි හටගත් මෙම පැල්ම පිළිබදව කිසිදු අවදානයක් යොමු කර නොමැති බවයි.
ඒ පිළිබදව අප එදින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් පී.බී. මණ්ඩාවලගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මධ්‍යම පළාත් පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් එම ස්ථානයට පිටත් කර යවා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවයි.
මෙම ප්‍රවෘත්තිය ප්‍රචාරය වීමත් සමඟ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් රංජන් සූරියආරච්චි මෙම මාර්ගය වාහන ගමනාගමනය සහ පදිකයින්ට භාවිතා කිරීම තහනම් කර තිබෙනවා.
ඔහු කියා සිටියේ ගල් බිම්ගෙයෙහි හට ගත් පැල්ම පිළිබදව නිසි පරීක්ෂණයක් සිදුකරන තුරු මාර්ගය වසා දමා ඇති බවයි.
වර්ෂ 1828 සහ 1830 කාල වකවානුව තුළ මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර එඞ්වඞ් බාන්ස්ගේ උපදෙස් මත බ්‍රිතාන්‍යයේ විධායක ඉංජිනේරු කැප්ටන් විලියම් ඩෝසන් විසින් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාව දුර්ගය සැලසුම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ගල් උමඟ නිර්මාණය කෙරුණා.
කෙසේ වෙතත්, මෙම මාර්ගය නුවර දක්වා ඉදිකිරීමට ප්‍රථමයෙන් ඉංජිනේරු කැප්ටන් ඩෝසන් මිය යාම හේතුවෙන් ඔහු සිහිවීම පිණිස කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව අසළ ඩෝසන් කුළුණ ඉදිකර තිබෙනවා.