Gossips

හිරුණිකා කෝටි දෙකක මුදල් වංචා කරලා – FCID අධිකරණයට කරුණු වාර්තා කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ දේශපාලන කටයුතු සහ වෙනත් කටයුතු වෙනුවෙන් මග නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ සේවක සුබසාධක සංගමයේ ගිණුමෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් යොදවා මූල්‍ය අපරාධ සිදුකර ඇතැයි චෝදනා එල්ල වී තිබෙනවා.
මේ සම්බන්දයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ.
මග නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ ප්‍රධාන විගණන නිලධාරී සරත් කුමාර මහතා විසින් ලද පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇතැයි සඳහන්.
මේ අතර දෙමටගොඩදී තරුණයෙකු පැහැරගෙන ගොස් ඔහුට අඩත්තේටටම් කලේ යයි අධිකරණයේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වරද පිලිගෙන තිබෙනවා.