Gossips

“හිරුට විස්සයි – තෑගි වැස්සයි“ පළමු ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයා මෙන්න

ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් මහේන්ද්‍රා සුප්‍රෝ ට්‍රක් රථ තිලිණ කිරීම අද අැරඹුණා.
ඒ අනුව ඒ සඳහා එස්.එම්.එස්. යොමුකළ ලක්ෂ සංඛ්‍යාත පිරිස අතරින් පළමු මහේන්ද්‍රා සුප්‍රෝ ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයා බවට පත්වුණේ ඇඹීලිපිටිය ඕමල්පේ පදිංචි උපතිස්ස විතාරණයි.
මෙම එක් ට්‍රක් රථයක් රුපියල් ලක්‍ෂ 17 හමාරකට වැඩි වටිනාකමකින් යුක්තයි.
වසර 20ක් පුරා හිරු සමඟ බැඳී සිටි අසන්නන් වෙත හිරුගේ සතුට ප්‍රකාශ කිරීම පිණිස මෙම ට්‍රක් රථ ලබා දෙනවා. වැඩි විස්තර සඳහා FM 96.1න් සහ FM 96.3න් හිරුට සවන්දිය හැකියි.
ඒ අනුව නවතම ට්‍රක් රථයක සාඩම්බර හිමිකරුවෙකු වී ඔබගේ ජීවිතය සරුකර ගන්නට හිරු ශ්‍රවණය කරන ඔබටත් නුදුරේදීම හැකියාව ලැබෙනු ඇති.