Gossips

හිරුට විස්සයි තෑගි වැස්සයි, දෙවන අදියරේ සිව්වන ජයග්‍රාහකයා බදුල්ලෙන්

හිරුගේ විසිවන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි තෑගි වැස්සයි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනේ දෙවන අදියර යටතේ අද යතුරුපැදි ජයග්‍රහණය හිමිවුණේ බදුල්ලේ පදිංචි එන්.එම්. සිරිල් ජයසිංහටයි.
මෙම වැඩසටහන හිරුට විස්සයි, සති විස්සෙන් බයික් 20යි ලෙස නම් කර තිබෙනවා.
රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමින් යුක්ත නවීන මාදිලියේ මහේන්ද්‍රා රොක් ස්ටාර් යතුරුපැදි සතිපතා මෙම දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන යටතේ හිරු ශ්‍රාවකයන්ට තිළිණ කිරීම විශේෂත්වයක්.
හිරුගේ විසිවන සංවත්සරය වෙනුවෙන් දියත් කළ හිරුට විස්සයි තෑගි වැස්සයි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනේ පළමු අදියර යටතේ හිරු එෆ්.එම්. ශ්‍රාවකයන් වෙත රුපියල් ලක්ෂ 350 කට අධික වටිනාකමින් යුක්ත මහේන්ද්‍රා සුප්රෝ ට්‍රක්රථ ප්‍රදානය කළා.