Gossips

‘හිරුට විස්සයි, තෑගි වැස්සයි’ – හිරු 20 වන සැමරුම වෙනුවෙන් ඔබට ලැබෙන ඇදහිය නොහැකි තෑගි මෙන්න (ඡායාරූප)

රේඩියෝ ඉතිහාසය උඩු යටිකුරු කරමින් දැවැන්තම තෑගි කන්දරාව ලබා දීමට හිරු සූදානම්.
මෙම ඇදහිය නොහැකි දැවැන්ත තෑගි කන්දරාව ලබා දෙන්නේ හිරුගේ 20වන සංවත්සරයට සමගාමීවයි.
ඒ අනුව ‘හිරුට විස්සයි, තෑගි වැස්සයි’ සංවත්සර වැඩසටහන යටතේ රුපියල් ලක්‍ෂ 350කට අධික වටිනාකමකින් යුත් Mahindra SUPRO ට්‍රක් රථ 20ක් ලබා දෙන්නට හිරු සූදානම්.
මෙහි විශේෂත්වය වන්නේ සෑම සතියකටම එක් ට්‍රක් රථයක් හිමි කර ගන්නට හිරු ශ්‍රාවකයන්ට හැකිවීමයි.
එමෙන්ම හිරු සැලසුම් කර ඇත්තේ එම ට්‍රක්රථය හිමිකර ගැනීම සඳහා ඉතා සරල මෙන්ම පහසු ක්‍රමවේදයක් දියත් කිරීමටයි.
ඒ අනුව ඕනෑම හිරු ශ්‍රාවකයෙකුට මෙම ට්‍රක් රථය පහසුවෙන්ම හිමි කර ගන්නට හැකියාව තිබෙනවා.
එක් ට්‍රක් රථයක් රුපියල් ලක්‍ෂ 17 හමාරකට වැඩි වටිනාකමකින් යුක්තයි.
වසර 20ක් පුරා හිරු සමඟ බැඳී සිටි අසන්නන් වෙත හිරුගේ සතුට ප්‍රකාශ කිරීම පිණිස මෙම ට්‍රක් රථ 20 ලබා දෙනවා.
වැඩි විස්තර සඳහා FM 96.1න් සහ FM 96.3න් හිරුට සවන්දිය හැකියි.
ඒ අනුව නවතම ට්‍රක් රථයක සාඩම්බර හිමිකරුවෙකු වී ඔබගේ ජීවිතය සරුකර ගන්නට හිරු ශ්‍රවණය කරන ඔබටත් නුදුරේදීම හැකියාව ලැබෙනු ඇති.