Gossips

හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් පළමු මෝටර් රථය පිරිනැමේ

හිරුගේ විසිවන සංවත්සරය වෙනුවෙන් රුපියල් ලක්ෂ 500 කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ හිරු ටී.වී. ප්‍රේක්ෂකයින්ට පිරිනැමීම ඊයේ (10) සිට ආරම්භ වුණා.
ඒ අනුව ඊයේ රාත්‍රි 07.30 සිට රාත්‍රි 09.55 දක්වා හිරු ටී.වී. ටෙලි පෙරහර නරඹා රුපියල් ලක්ෂ 25ක වටිනාකමකින් යුත් මහේන්ද්‍රා රෙවෝ ප්‍රථම මෝටර් රථයට හිමිකර ගනු ලැබුවේ හක්මන ප්‍රදේශයේ පදිංචි ඩී.ජේ. දර්ශනී විසින්.
සතියේ දින පහේම රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.55 දක්වා හිරු ටී.වී. ටෙලි පෙරහැර දිනපතා නරඹන අතරතුර එක් ටෙලි නාට්‍යයයක් ඇසුරෙන් අසන ලද ප්‍රශ්නයකට නිවැරදි පිළිතුරු අංක අනුපිලිවෙලින් එස්.එම්.එස්. කිරීමෙන් ඔබටත් මෝටර් රථයක් හිමි කර ගැනීමට හැකියාව පවතිනවා.