Gossips

හිරුගේ නවතම රියැලිටි සම්ප්‍රාප්තිය Hiru Star හෙට

හෙට (19) සිට සෑම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම රාත්‍රී 7.30 ට..
ඔබේ මනාපය සජීවීව 'Hiru Star' වේදිකාවේ දැවැන්ත තිරය මත දර්ශන වේ..
ශ්‍රී ලාංකීය ටෙලිවිෂනය ජාත්‍යන්තර ප්‍රමිතියට ඔසවා තැබූ රියැලිටිකරණයේ ප්‍රමුඛයා හිරුගේ නවතම රියැලිටි සම්ප්‍රාප්තිය 'හිරු Star' සඳහා මේ වන විට දිවයිනේ සෑම ප්‍රදේශයකින් වගේ පැමිණි තරඟකරුවන් ලහි ලහියේ සූදානම් වී සිටිනවා.
මෙම වැඩසටහන හෙට (19) සිට සෑම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම රාත්‍රී 7.30 ට ඔබේ ආලින්දයට සජීවීව ගෙන ඒමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.
ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ ප්‍රථම වතාවට මිලියන 22ක ජනතාව සංගීතයේ සිහසුන තනන්නටයි මෙම වැඩසටහන හරහා සජීවීව සුදානම් වන්නේ.
'හිරු Star' වැඩසටහන හිරු සති අන්තයේ හිරු ටීවී තුළින් ඔබේ ආලින්දයට ගෙන එන්නට මේ වන විටත් හිරු පිරිවර කටයුතු සූදානම් කර අවසන්.
එමෙන්ම 'හිරු Star' Mobile App එක Download කරගැනීමේ හැකියාව පවතින අතර මේ වනවිටත් අති විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලය ඔස්සේ Hiru Star ඇප් එක Download කර අවසන්.
මෙම ඇප් එක හරහා හෙට (19)සිට ඔබ කැමතිම ගායන තරුවට මනාප පලකීරිමේ අවස්ථාව හිමි වන අතර ඔබ මනාපය පල කළ බව සජීවීව Hiru Star වේදිකාවේ දැවැන්ත තිරය මත දර්ශන වනවා.
'Hiru Star' Mobile App ලබාගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න.