කුවේටයේ ගෘහසේවය සඳහා ගොස් විවිධ හිරිහැරවලට ලක්වූ කාන්තාවන් 26 දෙනෙකු අද යළී දිවයිනට පැමිණියා.
මෙම පිරිස කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ පවතින සුරක්ෂා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි පිරිසක් බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.
අද උදෑසන 6.30 ට කටුනායකට ළඟාවූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 230 දරණ යානයෙන් ඔවුන් දිවයිනට ළඟාවුණා.
මෙම පිරිස අතරින් 24 දෙනෙකු වසරකටත් අඩු සේවා කාලයක් සම්පූර්ණ කළ අය බවටයි වාර්තාවන්නේ.
ඉන් 5 දෙනෙකු රෝගාතුරවී සිට ඇති අතර, ඔවුන් නිවෙස් කරා පිටත්කර යැවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.
