Gossips

හිම මිනිසෙකුගේ හැඩය ගත් ග්‍රහ වස්තුවක් අභ්‍යවකාශයෙන්

නාසා ආයතනය උඩු ගුවනට යවනු ලැබූ නිව් හොරයිසන්ස් හෙවත් නව ක්‍ෂිතිජ පරීක්ෂණ යානයෙන් පෘථිවිය වෙත හිම මිනිසෙකුගේ හැඩයට සමාන ග්‍රහ වස්තුවක ඡායාරූප එවා තිබෙනවා.
අල්ටිමා තුලේ නමින් හඳුන්වා ඇති මෙම වස්තුව කිලෝමීටර 33 ක දිගකින් යුත් අතර කොටස් දෙකකින් යුක්ත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
2006 වසරේදී උඩුගුවන යවනු ලැබූ මෙම යානය මේ වනවිට පෘථිවියට කිලෝමීටර බිලියන 6.5 ක දුරින් ගමන් කරමින් පවතිනවා.