රත්නපුර – ගල්ලැන්ද විහාරස්ථානයේ විමර්ශනයකට ගිය රත්නපුර පොලීසියේ සුළු පැමිනිළි අංශයට අනුයුක්ත නිලධාරියෙකු, විහාරස්ථානයේ වැඩවිසූ හිමිනමක විසින් ගෙළ සිරකර ඝාතනය කර තිබෙනවා.
වරෙන්තු ලබා සිටින අදාළ හිමි නම ඔහුගේ ගෙළ සිරකිරීමෙන් පසු අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කිරීම සඳහා රැගෙන යමින් සිටියදී ඔහු මියගොස් ඇති බව සඳහන්.
එම අවස්ථාවේ විහාරස්ථානයට රත්නපුර පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාද පැමිණ තිබෙනවා.
එහිදී සැකකාර හිමිනම අත්බෝම්බයක් රැගෙන පැමිණීම නිසා හිමිනමගේ අතකට පහරදී අත්බෝම්බය පොලිස් භාරයට ගෙන හිමිනම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියා.
