Gossips

හිමාලයේ තවත් මහා භූ කම්පනයක් ඇතිවීමේ අවදානමක්

රික්ටර් පරිමාණයේ 8.5ක් හෝ ඊට වැඩි ප්‍රබලතාවකින් යුත් තවත් මහා භූ කම්පනයක් හිමාල අඩවිය කේන්ද්‍ර කොටගෙන සිදුවිය හැකි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
බොහෝ විට එය ඉන්දු – නේපාල දේශසීමාව කේන්ද්‍ර කොටගෙන සිදුවිය හැකි බවයි විශ්වාස කෙරෙන්නේ.
චන්ද්‍රිකා දත්ත සහ භූ විද්‍යාත්මක දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව පර්යේෂකයන් මෙම අනතුරු ඇගවීම සිදුකර තිබෙනවා.
වසර 600ත්, 700ත් අතර කාලයක් නිද්‍රාගතව පැවති මෙහි භූ කාරක පැලුම් සක්‍රිය වීමක් දක්නට ලැබුණේ 2015 වසරේ සිදුවූ මහා භූ කම්පනයත් සමගයි.
රික්ටර් පරිමාණයේ 7.8ක ප්‍රබලත්වයකින් යුත් එම භූ කම්පනයෙන් පුද්ගලයන් 8857ක් ජීවිතක්ෂයට පත්වුණා.