Gossips

හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරණ දීපවාලී උත්සවය අදයි

ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරණ දීපවාලී උත්සවය අදට යෙදී තිබෙනවා.
දීපාවලි යන්නෙන් අදහස් කරන්නේ ආලෝක පේලිය යන්නයි.
ක්‍රිෂ්ණා දෙවියන් නරකාසුර නමැති අසුරයා පරාජය කර ලෝකයට ආලෝකයත්, ආශිර්වාදයත් ගෙන ඒම දීපවාලී උත්සවයේදී සමරණු ලබනවා.
දීපාවලී දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සුබ පැතුම් එක් කළා.
ආධ්‍යාත්මික ශික්ෂණය, ප්‍රඥාව බඳු ගුණාංග මිනිස් සිත් සතන් තුළ ඇතිවීමට නම් අවිද්‍යාවේ අන්ධකාරය පහ විය යුතුයි.
එකී අරමුණ සාක්ෂාත් කර ගනු වස් ලෝකවාසී හින්දු බැතිමතුන් පහන් දල්වා දීපාවලී උත්සවය සමරන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.
මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද දීපාවලී උත්සවය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දීපාවලී උත්සවය තුළින් හින්දු භක්තිකයන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාවත්, සමාජයේ ජන කණ්ඩායම් හා පුද්ගලයින් අතර අවබෝධය හා සංහිදියාව පිළිබිඹු වන බවයි.