Gossips

හින්දු පුවත්පතේ ප්‍රවෘත්තිය ගැන හින්දු ප්‍රකාශන සමූහයේ සභාපති වගකීම භාර ගනී

‘‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට ඉන්දියාවේ රෝ සංවිධානය උත්සාහ කරනවා‘‘ යන ශීර්ෂය යටතේ ද හින්දු පුවත්පතේ පලවූ ප්‍රවෘත්තිය වෙනුවෙන් තම ආයතනය පෙනී සිටින බව ද හින්දු ප්‍රකාශන සමූහයේ සභාපති එන්. රාම් මහතා පවසනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ හින්දු පුවත්පතේ ශ්‍රී ලංකා වාර්තාකාරිණිය අදාළ ප්‍රවෘත්තිය පළ කිරීමට පෙර විවිධ මූලාශ්‍ර යටතේ තහවුරු කිරීම් කරගෙන ඇති බවයි.
පසුගිය අඟහාරුවාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් පිළිබඳ පුවතක් හින්දු පුවත්පතේ පළ කර තිබුණා.
එම ප්‍රවෘත්තියේ සඳහන් වූයේ තමාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඉන්දියාවේ රෝ සංවිධානය ක්‍රියාත්මක කර ඇති බවට ජනාධිපතිවරයා විසින් අදාළ කැබිනට් මණ්ඩලයේදී සඳහන් කර තිබූ බවයි.
මෙම ප්‍රවෘත්තිය පිළිබඳව පසුගිය බදාදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍ය වේදීන් කැබිනට් ප්‍රකාශකවරයාගෙන් විමසීමක් කළා.
ීධඹභෘ ඹඡු – අමාත්‍ය රාජිත සේනාරත්න – සම කැබිනට් ප්‍රකාශක මේ අතර පසුගිය බදදා පස්වරුවේ ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර
මෝදි මහතා දුරකථන සංවාදයක නිරතවූ අතර, ඒ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුනේ තම ප්‍රකාශයන් වැරදි ලෙස උපුටා දක්වා සහ තමා කළ ප්‍රකාශය විකෘති කර ඇතැයි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට දැනුම්දුන් බවයි.
එමෙන්ම තමා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයකට ඉන්දියාවේ සම්බන්ධයක් අතැයි ප්‍රකාශ කළ බවට පළ වන වාර්තා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කෙසේ වෙතත් ද හින්දු පුවත්පතේ හිටපු කර්තෘ සහ මේවන විට ද හින්දු ප්‍රකාශන සමූහයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන එන්. රාම් මහතා අදාළ ප්‍රවෘත්තියේ සත්‍යතාවය වෙනුවෙන් තදින් පෙනී සිටින බව සිය ට්විටර් පණිවුඩ‍යෙන් අවධාරණය කරනවා.